පෞද්ගලික බැංකුවකින් අද පෙරවරු 9.30ට පමණ රුපියල් 790,000ක පමණ මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.
මුහුණ ආවරණය කරගනිමින් පැමිණි කොල්ලකරුවා කවුන්ටරයේ සිටි සේවිකාවකට අත්බෝම්බයක් පෙන්නා මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් පැහැරගත් පුද්ගලයා එහි සිටි තවත් සේවකයෙකු ද බලහත්කාරයෙන් ත්රීවිල් රථයකට නංවාගෙන පලාගොස් ඇත.
අනතුරුව ත්රීවිලරයෙන් ටික දුරක් ගමන් කිරීමෙන් පසු කොල්ලකරු බසයකට නැඟ ගොස් තිබේ.
අනතුරුව සේවකයා යළි බැංකුවට පැමිණ ඇති බව පොලීසිය කියයි.







