FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාත් රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතිකාල දීමනා ලබා නොදීමට විරෝධය පල කරමින් දකුණු පළාත් රෝහල්වල සේවයේ නියුතු කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.  

ඊයේ (15) දිනයේ සිට පැය 04 ක කාලයක් රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට සිය සාමාජිකයින් තීරණය කර ඇති බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේය.

අද (16) සහ හෙට (17) යන දෙදින තුළ තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ටැම්පිටියේ සුගතානන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළේය.