FAST NEWS

24×7 Around the Globe

විජේදාස රාජපක්ෂ සහ සුහද ගම්ලත් ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (17) දිනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරුන්ට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

නිශ්ශංක සේනාධිපති විසින් ඇවන්ගාඩ් සමාගම රජයට පවරා ගැනීමේදී පාඩු වූ බව පවසමින් සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහා ඔවුන්ට මෙම කැදවීම සිදුකර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම සිද්ධියට අදාළව රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශව 17 ක් වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති කොමිසම විසින් ඊයේ (15) දිනයේ ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ඔවුන්ට ද හෙට දිනයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.