FAST NEWS

24×7 Around the Globe

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල PCR පරීක්‍ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමු නොවූව ද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ සිදුකරනු ඇත.  

ඒ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුවයි.

කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යා අංශය මගින් PCR පරික්‍ෂණ සඳහා සාම්පල ලබා ගැනීම ස්ථාන කිහිපයකදී අද සිදුකරනු ලැබීය.

ඒ අතරට වැල්ලවත්ත පොදු වෙළෙඳපොළ සංකීර්ණය ද ඇතුළත් වෙයි.