FAST NEWS

24×7 Around the Globe

ජාතික රෝහලේ කොල්ලකරු ඇල්ලූ ආධුනික පොලිස් නිලධාරියාට උසස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජකාරියේ යෙදී සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම නිලධාරියා පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත.   

මෙම මස 09 වනදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 78 කට අධික මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරු හා එම මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ ද මෙම පොලිස් නිලධාරියායි.