බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ(12) නිකුත් කර තිබූ වරෙන්තුව අහෝසි කර තිබේ.
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබූ අතර ඥානසාර හිමියන් අද කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුව එම වරෙන්තුව අහෝසි කර තිබේ.
++++++++++++++++++++++++++++++ (update)
ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණයට භාරවෙයි.
බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) භාර වී ඇත.







