FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරීමට සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විශ්ව විද්‍යාල යළි ජුනි 15 වනදා ආරම්භ කිරීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ අනුව පළමුව වෛද්‍ය  පීඨ වල අවසන් වසරේ සිසුන්ට විශ්ව විද්‍යාල ආරම්භ කෙරෙන අතර අනෙකුත් පීඨය වල අවසන් වසර විභාග  පැවැත්වීම ජුනි 22 සිටආරම්භ කරනු ඇත.

එම සියළු විභාග අගෝස්තු මස 15 වනදා වන විට පවත්වා අවසන් විය යුතුය බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සභාපතිවරයා පැවසුවේ.

සරසවි නේවාසිකාගාර වල සිසුන් වැඩි පිරිසක් රඳවා ගැනීමට නොහැකි නිසා හැකි සෑම සිසුවෙක්ම නිවෙස් වල සිට පැමිණීමට උත්සහ දරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කළේය.

නේවාසිකාගාර වල එක කාමරයක එක් සිසුවෙකු පමණක් රැඳවිය හැකි බැවින් ඉඩ කඩ අවම වී ඇති බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දුන්නේය