FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් පිරිසකට සුවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

මෙම නාවික හමුදා පුද්ගලයින් 22 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 679 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.