FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල ඇරඹීමේ තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියාසිටියේ පෙරේදා දිනයේදී සියලු විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවයි.

එහිදී ඉදිරිපත්වූ අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන අද(13) දිනයේදී අවසන් තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් පැවසීය.

කෙසේ වෙතත් වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන්ගේ විභාග කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය.