FAST NEWS

24×7 Around the Globe

ආගමික කටයුතු සඳහා අද සිට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමික ස්ථානවල ආගමික කටයුතු වෙනුවෙන් එක් රැස්වීමට අද සිට අවසර හිමිවේ.

නමුත් ගොඩනැගිලි සහ එළිමහන් ස්ථාන ඇතුළුව ඕනෑම ආගමික පුජ්‍ය ස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා කර ඇති බයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

විශේෂයෙන් ආගමික කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතු බවද ඔහු සඳහන් කලා.

ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමානයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සීමාවෙන් අඩකට පමණක් එක් එකවර රැඳී සිටීමටද අවසර පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.