FAST NEWS

24×7 Around the Globe

සොයිසාපුර වෙඩිතැබීමේ සිද්ධියේ මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගියදා මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ රාත්‍රියේ පිළියන්දල ප්‍රදේශයේදී බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් රියදුරු 50 හැවිරිදි එම සොයිසාපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පසුගිය මස 19 වනදා සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපනශාලාවට පැමිණි පිරිසක් එහි බඩු බාහිරාදියට පහරදී තිබූ අතර, පසුව 29 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ආපනශාලාවට වෙඩි තබා පලාගොස් තිබුණි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ආපනශාලාව ඉදිරිපිට රැදී සිටි පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පසුගියදා පියවර ගත්තේය.