(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලංකාවට ඇති වූ ආර්ථික හානිය අවම කරලීම සඳහා මූල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ දී තීරණයකට එළඹිය හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
වසංගතය හමුවේ ආර්ථික හානි වලට මුහුණදෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් 77 කට ණය සහන සැලසීමට චීනය පසුගියදා එකඟත්වය පළ කළ අතර , චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාව එම රටවල් ඛාණ්ඩයට අයත් නොවන බවයි.








