FAST NEWS

24×7 Around the Globe

මද්දකට හසු වූ කොළ දිවියෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | බණ්ඩාරවෙල) –  මද්දකට අසුවී පිරිමි කොළ දිවියකු මිය ගොස් තිබේ.

බණ්ඩාරවෙල මල්  වත්ත ප්‍රදේශයේ  තේ වත්තක්  ආශ්‍රිත වගාවිබිමක මියගොස් සිටි මෙම කොළ දිවියා රාවණා ඇල්ල වනජීවී නිලධාරීට ලැබුණු  තොරතුරක් මත අද(09) සොයා ගැනුණි.

මෙම වගා බිමෙහි  සතුන්ට ඇටවූ  මද්දකට අසුවී මෙම කොළ දිවියා මියගොස් තිබේ.

වනජීවී නිලධාරී එම ස්ථානයට යනවිටත් කොළ දිවියා මියගොස් සිට ඇත.