FAST NEWS

24×7 Around the Globe

තවත් නාවික හමුදා සෙබළුන් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09)  සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.

ඔවුන් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අය වේ.

ඔවුන්ගෙන් 35 දෙනෙකු නාවික මහ රෝහල වෙතින්ද, 05 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු කාත්තන්කුඩි රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

ඒ අනුව මෙම නාවික හමුදා සාමාජිකයින් 41 දෙනාද ඇතුළුව මේ වන විට සුවය ලැබූ  සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 563 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.