FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය චෝදනා මත බස්නාහිරින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළග තබාගැනීම ඇතුලු චෝදනා මත තවත් සැකකරුවන් 429 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) පෙරවරු 6.00 සිට අද අලුයම 5 දක්වා මෙම වැටලීම් සිදුකර ඇති බව සඳහන් වේ.

මෙහිදි හෙරොයින් ළග තබාගත් පුද්ගලයින් 200 දෙනෙකු ගංජා ළග තබාගත් පුද්ගලයින් 89 දෙනෙකු , නීති විරෝධි මත්පැන් සහ ගෝඩා ළග තබාගත් පුද්ගලයින් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව අයිස්, මාවා, බාබුල්, ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් 27 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.