(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා රජයෙන් ඉන්දියාවේ මුම්බායිහි රැඳී සිටින බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයින් 45 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.
ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත්, යුධ හමුදා අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඔවුන් බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන බවත් ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කරයි.








