FAST NEWS

24×7 Around the Globe

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් විදෙස් රටවලින් පැමිණි අයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (08) දිනය තුළ පමණක් ආසාදිතයින් විසි දෙදෙනෙකු වාර්තා වන අතර ඉන් 12 දෙනෙකු විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් වෙයි.

කුවේට්හි සිට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් පිරිස අතර වෙයි.

ඔවුන් මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

තවත් සිව් දෙනෙකු කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටි චෙන්නායිහි සිට පැමිණි අය වෙයි.

ඊයේ හඳුනාගත් නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව දස දෙනෙකු වන අතර ඔවුන් ඉයක්කච්චි සහ ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.