FAST NEWS

24×7 Around the Globe

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (09) පෙරවරු 8 සිට හෙට (10) පෙරවරු 8 දක්වා අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල සහ පෝරේ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.