FAST NEWS

24×7 Around the Globe

තැපැල් ගැටලු විසඳන සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (09) පස්වරුවේ තැපැල් සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම සහ සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා දැමීම ඇතුලූ ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට තැපැල්පතිවරයා ඇතුළු දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන් මෙන්ම තැපැල් වෘත්තීය සමිති ද එක්වනු ඇත.

මේ වනවිට අතිකාල දීමනා කපා හැරීම සහ සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා දැමීමට එරෙහිව තැපැල් සේවකයින් අතිකාල වර්ජනයකද නිරත වේ.