FAST NEWS

24×7 Around the Globe

කොළඹ තාවකාලික පදිංචිකරුවන් රැසකගේ තොරතුරු පරිඝණක ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය සති අන්තයේදී ද කොළඹ දිස්ත්‍රික්කය තුල තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගෙන පරිගණකගත කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් සිදුකර තිබේ.

මෙලෙස කොළඹ මධ්‍යම, උතුර, දකුණ, නුගේගොඩ හා ගල්කිස්ස පොලිස් කොට්ඨාසයන්හි පොලිස් වසම් 17 ක ග්‍රාම නිලධාරි වසම් 60 ක තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීම සිදුකර ඇත.

එහිදී තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් 37, 867 කගේ තොරතුරු සටහන් කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය විසින් මෙලෙස රැස් කළ තොරතුරු සකස් කර පවත්වාගෙන යන විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇත.