FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 381 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) පෙරවරු 6.00 සිට අද (08) පෙරවරු 5.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම කළ බව පොලීසිය සඳහන් කළේය.

එහිදී හෙරොයින් සමග සැකකරුවන් 122 දෙදෙනෙකු, ගංජා සමග සැකකරුවන් 63 දෙනෙකු, නීති විරෝධි මත්පැන් සමග සැකකරුවන් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඩා සමග සැකකරුවන් 08 දෙනෙකුත් අයිස් සමග සැකකරුවන් 08 දෙනෙකුත් සහ මාවා සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත එම මෙහෙයුම කර තිබේ.