FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරිත දිග මෝසම් තත්වය ස්ථාපිතවීමත් සමග දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීම ඉදිරි දින කිහිපයේ දීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ සඳහන් වේ.