FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් පිටවෙයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (08) නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල තවත් 54 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිවෙස් බලා පිටත්ව යන බව යුධ හමුදාව පවසයි.

මේ වනවිට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 12,235 දක්වා ඉහළ ගොස් ඇති බව
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

මධ්‍යස්ථාන 43 ක තවත් 5282 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද යුධ හමුදාව සඳහන් කරයි.