මීළඟ පළාත් පාලන මැතිවරණයේ දී නියෝජිතයන්ගෙන් සියයට 70ක් කොට්ඨාශ ක්‍රමයට තෝරා ගැනෙන බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. ඔහු කියා සිටියේ තවත් නියෝජිතයන් සියයට 30ක් සමානුපාතික ක්‍රමයට තෝරා ගන්නා බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්. මීළඟ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි.







