FAST NEWS

24×7 Around the Globe

වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | මිනුවන්ගොඩ) – පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ගොනා කෝවිලේ රාජා නැමැති සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත.  

මෙම සැකකරු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක් බ පොලිසිය කියා සිටියේය.

මොහු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පියෙක්වන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා ඇතුළු පුද්ගල ඝාතන කිහිපයකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවෙක් බව ද පොලිසිය පවසයි.