FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සිටි නාවිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (06) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.   

මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 8.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස PCR පරීක්ෂණ සදහා භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතව ඇත.