FAST NEWS

24×7 Around the Globe

විශේෂ පෙරහුරු මැතිවරණය හෙට අම්බලන්ගොඩදී

(ෆාස්ට් නිව්ස් | අම්බලන්ගොඩ) – විශේෂ පෙරහුරු මැතිවරණය හෙට (07) අම්බලන්ගොඩදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම එය පවත්වනු ලබයි.

අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ග්‍රාම සේවා වසමක පෙරවරු 10.00 ට මෙම පෙරහුරු මැතිවරණය ආරම්භ කෙරෙනු ලැබේ.

මෙහිදී ඡන්ද මධ්‍යස්ථානය සකස් කර ගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතය වැනි කරුණු පරීක්ෂා කෙරෙනු ඇති.

මෙම මැතිවරණය සඳහා 200ක පමණ පිරිසක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බව ද වාර්තා වෙයි.