FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමෙන් සැකකරුවන් 432 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සිදුකෙරෙන විශේෂ වැටලීම යටතේ අද අළුයම 05 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 432 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ස්ථාන 408 කදී කළ වැටලීම්වලදීයි.

මෙම මෙහෙයුමේ දී හෙරොයින් ළග තබා ගෙන සිටි පුද්ගලයින් 140 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ගංජා ළග තබා ගෙන සිටි සැකකරුවන් 63 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ අයිස් මත්ද්‍රව්‍ය ළග තබා ගෙන සිටි පුද්ගලයින් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.