FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් 1,091 දෙනෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ඒ අනුව අද අලුයම 4 න් අවසන්වූ කාලය තුළ වාහන 374 ක්ද සිය භාරයට ගත් බවයි.

මේ අනුව පසුගිය මාර්තු 20 වනදා සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 71,133 ක් වන අතර වාහන 20,230 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.