FAST NEWS

24×7 Around the Globe

ලෙබනනයේ රැදී සිටින ලාංකිකයින්ට PCR පරීක්ෂණය නොමිලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සහ ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලංකිකයින් 300 කට අධික පිරිසක් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔවුන්ට සේවා නොලැබීම, වැටුප් ගැටලු සහ සෞඛ්‍ය ගැටලු පවතින බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව සඳහන්.