FAST NEWS

24×7 Around the Globe

තොණ්ඩමන්ගේ පුතු අත්සන් තැබූ ලේඛණ මැතිවරණ කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) දිනයේදී හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂකත්වය සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් විසින් අත්සන් කරන ලද ලේඛන මැතිවරණ කොමිසම වෙත භාරදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ජිවන් තොණ්ඩමන් විසින් පෙරේදා දිනයේදී අදාළ ලියකියවිලි වලට අත්සන් තැබුවේය.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව තීරණයකට එළඹෙන බවයි එම පක්ෂය කියාසිටියේය.

එහි නියෝජ්‍ය නායක මුත්තු සිවලිංගම් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් මගින් මේ වනවිට පක්ෂයේ පාලන කටයුතු සිදුකෙරේ.