FAST NEWS

24×7 Around the Globe

ලබන ඉරිදා වනවිට දිස්ත්‍රික්ක 6ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවා ඇති බවට පළ වන ඇතැම් වාර්තා අසත්‍ය බවත් , ලබන ඉරිදා වනවිට දිස්ත්‍රික්ක හයක පමණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය තමන් දැනුවත් කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  සඳහන් කරයි.   


කොරෝනා වසංගතය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසමට ලබාදුන් මාර්ගෝපදේශ ප්‍රධාන මාතෘකා 07 කින් සමන්විත වන බව ද ඒ යටතේ පළමුව අවධානය යොමුකර ඇත්තේ මැතිවරණයට පෙර ජනතාව දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සිදුකිරීම පිළිබඳව බව ද සඳහන් වෙයි.

ඊට අමතරව මෙම මාර්ගෝපදේශ මාලාවේ ප්‍රචාරක රැස්වීම් සම්බන්ධයෙන්ද අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් ඇතුළත් කර ඇත.