FAST NEWS

24×7 Around the Globe

කිසිඳු අයුරකින් පාතාලයේ යළි හිස එසවීමක් සිදුව නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිසිඳු ආකාරයකින් පාතාලය යළි හිස එසවීමක් සිදුව නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.  

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වූ බව ඒ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් පාතාල කණ්ඩායම් මෙහෙයවන ඇතැම් පුද්ගලයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවත්, කිසිම පසුබට වීමකින් තොරව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.