FAST NEWS

24×7 Around the Globe

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | මොණරාගල) – මොණරාගල, ඉත්තෑකටුව ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අදාල සැකකරු පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ මීට දින කිහිපයකට පෙර මොනරාගල – ඉත්තෑකටුව ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

සැකකරු තුවාල ලබා මොණරාගල, සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසුවේ.

සැකකරු සතුව තිබී අත් බෝම්බයක්, ගිනි අවියක් සහ පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ.