FAST NEWS

24×7 Around the Globe

සොයිසාපුර වෙඩි තැබීමට සැකපිට කාන්තාවක අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට එල්ල වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

එම වෙඩිතැබීම මෙහෙයවන ලදැයි කියන දැනට විදේශගත වී සිටින පාතාල සාමාජිකයකු සමග මෙම කාන්තාව සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් තොගයක් සහ ජංගම දුරකතනයක්ද විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

සැකකාරිය ගල්කිස්ස පොලීසියට බාරදී ඇති අතර අද (05) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.