FAST NEWS

24×7 Around the Globe

ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කල ගණන 12,000 ආසන්නයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 11,709 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (04) දිනයේදී තවත් 17 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක තවත් 5240 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද යුධ හමුදාව සඳහන් කළේය.

අද (05) දිනයේදී වාද්දුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු දෙදෙනෙකු පිටත්ව යාමට නියමිතයි.