FAST NEWS

24×7 Around the Globe

උතුම් පොසොන් පොහෝ දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයයි.

මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දිවයිනට වැඩම කර මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුලු ශාසනික සේවාවන් රැසක් සිදුවීම හේතුවෙන් පොසොන් පොහොය මෙරට බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් වේ.

සෞඛ්‍යාරක්ෂිත නිර්දේශවලට මුල් තැන දෙමින් මිහින්තලා පුදබිමේදී මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන මෙවර එහි තේමාව වන්නේ ආරෝග්‍ය පරමා ලාභා යන්නයි.

කොරෝනා අවධානම හේතුවෙන් අද දිනයේදිත් රට පුරා නිරෝධායන ඇදිරි නීතිය බලාත්මකයි.

එබැවින් දන්සැල් , පොසොන් කළාප වැනි දෑ කිසිවක් මෙවර නොපැවැත්වේ.