FAST NEWS

24×7 Around the Globe

පිරිවෙන් නැවත ආරම්භ කිරීම පිලිබඳ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිරිවෙන්, සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට යටත්ව පාසල් යළි ආරම්භ කරන දිනයේම විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ පිරිවෙන් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි.

මෙතෙක් නේවාසික ශිෂ්‍ය සිසුන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් වල පවත්වාගෙන ගිය නේවාසික දිනචර්යාවට අදාළ වනපොත් කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී නේවාසික කටයුතු මෙන්ම බාහිර සිසුන්ගේ හා බාහිර ගුරු භවතුන්ගේ  සහභාගීත්වයෙන් තොරව පිරිවෙන් කෘත්‍යාධිකාරී  නාහිමියන්ගේ හා පරිවේනාධිපති හිමියන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බව සඳහන්.