ඇවන්ගාඩ් අවි ගබඩාව පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ, අදාළ ගබඩාව සම්බන්ධයෙන් නාවික හමුදාව කළ පරීක්ෂණ වාර්තාවකට අනුවය.
ආරක්ෂක අමාත්‍යංශය වෙත ලැබී ඇති එම වාර්තාව පෙන්වා දී ඇත්තේ ඇවන්ගාඩ් නෞකාවේ කටයුතු සිදු වී ඇත්තේ නිසි ක්‍රමවේදයට අනුව නොවන බවයි.







