FAST NEWS

24×7 Around the Globe

PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.  

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 2086 ක් සිදුකර ඇති අතර , එය මෙතෙක් මෙරටදී සිදුකල වැඩිම PCR පරික්ෂණ සංඛ්‍යාවයි.

එමෙන්ම එක් දිනයකදී PCR පරීක්ෂණ 2000 ඉක්මවා සිදුකල පළමු අවස්ථාවද මෙයයි.

මේ වන විට ලංකාව තුළ PCR පරීක්ෂණ 70 ,290 සිදුකර අවසන්ව ඇත.