FAST NEWS

24×7 Around the Globe

කහ තිත් පළඟැටියන් සම්බන්ධයෙන් දැනුම්දීමට දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දින කීපයේම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන කහ තිත් පළඟැටියන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1920 ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී තිබේ.   

එම දැනුම්දීම්වලට අනුව අදාළ ප්‍රදේශවලට කෘෂිකර්ම නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් කියා සිටියේය.

කහතිත් පළඟැටියා හෙවත් පෙති අං පළඟැටියා මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම හා කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන කීපයකට ව්‍යාප්තව ඇතැයි කෘෂිකර්ම නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මෙම පලැඟැටි විශේෂය පරිසර පද්ධතියෙන් මීට පෙර වාර්තා වූවද මෙවැනි සීඝ්‍ර ගහනයක් වාර්තාවී ඇත්තේ පළමු වරටය.