FAST NEWS

24×7 Around the Globe

අද සහ හෙට මුළු රටටම ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද සහ හෙට දිනයේ සමස්ත දිවයින පුරා ඇඳිරි නීතිය බලාත්මක වන අතර , එය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා අලුයම 4 ටයි.  

මේ අතර දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් අද දිනයේ රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

මේ අතර අද දින දිවයිනේ සෑම පොලිස් වසමකම පැය 24 ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් අවසර දී ලබාදී තිබෙන අතර , එබැවින් අත්‍යවශ්‍යම කටයුත්තක් සඳහා හැර නිවසින් හෝ නවාතැන්ගෙන සිටින ස්ථානවලින් බැහැර නොයන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.