FAST NEWS

24×7 Around the Globe

කෝටියකට ආසන්න හෙරොයින් පිටකොටුවේදී අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටකොටුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  


අත්අඩංගුවට ගත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 28 වයස්වල පසුවන බව පොලිසිය පවසයි.