FAST NEWS

24×7 Around the Globe

මිහින්තලේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 කට අධිකරණයෙන් නියෝග

(ෆාස්ට් නිව්ස් | මිහින්තලේ) – මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුලු මන්ත්‍රීවරුන් අටදෙනාට ලබන ඔක්තෝම්බර් 7 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ඒ අදාළ පැමිණිල්ල අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදියි.