FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 13 ක් නාවික හමුදා භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධි ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

එහිදී මසුන් කිලෝග්‍රෑම් 10 ක තොගයක් සහ තවත් ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සහ කුච්චවේලී ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.