FAST NEWS

24×7 Around the Globe

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර තිබේ.

ඡන්ද පත්‍රිකා එක් කෝටි හැටනම ලක්ෂකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේය.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු කෙරෙනු ඇති අතර මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ඡන්ද විමසීමට දින 14 කට පෙර මැතිවරණ කොමිසමට භාර දෙන බව ද ඇය සඳහන් කළාය.