FAST NEWS

24×7 Around the Globe

ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් වැඩි පිරිසක් විදෙස් සිට පැමිණි අයයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ(02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වු අතර ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.