FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා අලුයම 4 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හෙට (04) දිනයේ දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් J.J. රත්නසිරි විසින් නිකුත් කළ නිවේදනයකයි එය දැක්වෙයි.