FAST NEWS

24×7 Around the Globe

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සොයිසාපුර වෙඩි තැබීමට අදාළව තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යයය බලකාය විසින් අද (02) පස්වරුවේ රත්මලාන ශ්‍රී ඥාණේන්ද්‍ර පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලීසිය ප්‍රකාශ කළේ ඔහු සිද්ධියට අදාළ හෝටලයේ හිමිකරුගෙන් පළමුවර කප්පම් ඉල්ලපු පුද්ගලයා වන අතර ඔහු ඩුබායිහි සිටින පාතාලා නායක කුඩු අංජුගේ ගෝලයෙක්ද වන බවයි.