FAST NEWS

24×7 Around the Globe

විදේශ රැකියාලාභීන්ට ලබාදෙන පුහුණුව සංශෝධනය කිරීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ රැකියාලාභීන් සඳහා ලබාදෙන පුහුණුව ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොරෝනා වෛරසය හේතුවෙන් අක්‍රීය වී ඇති විදේශ රැකියා ක්ෂේත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින් සමඟ පැවති වැඩමුළුවකට එක්වෙමින්.